oppo ෆෝන් ගැන මොකද හිතන්නෙ. FB එකේ තිබුන පෝස්ට් එකක් මේක ඇත්තටම oppo ෆෝන් වැඩක් නැද්ද?
https://www.facebook.com/groups/android941/permalink/932590370209761/?__mref=message_bubble
(OPPO නම් අප්පෝ ෆෝන් එක. (ඉදිරියට ඔපෝ වෙනුවට අප්පෝ ලෙස ආදේශ වන බව කරුණාවෙන් සලකන්න.)
ඊයේ දැක්ක් පෝස්ට් එක්කක් එක්ක ලියන්න හිතුනේ.
මුලින්ම එන තර්කය. ගෙවන ගානට පට්ට ෆෝන්ස්. ඔව් ගෙවන ගානට පට්ට ෆෝන් එක. ඇත්ත තමයි. ඒත් එන ප්ර්ශනය, ඔය තරම් කොලිටි බිල්ඩ් එක සුපිරි නම්, කොහොමද මේ ෆෝන්ස් අඩුවට දෙන්නේ. මම කියන්නම් කොහොමද කියල. උදාහරණ්‍යකින්ම උත්තර දෙන්නම්.
කට්ටියම දන්නව බටර් ගැන. බටර් ගන්නේ මොනවාටද? සාමන්යෙන් මම නම් බටර් ගන්නේ පාන් වල ගාල කන්න, තව ඔය කෑම හදද්දි ඒවට දාන්න (කෝකටත් කියල උයන්න ඉගෙන ගෙන තියෙන නිසයි කියන්නේ). ඒත් හැමෝම බටර් ගාලද කන්නේ? නෑ මිල වැඩි. බටර් වෙනුවට මාගරීන් යූස් කරන්නේ. එ මොකද, ගාන අඩුයි. ගාන අඩු නිසා කොලිටිය අඩු උනත් අර බටර් වල උපයෝගීතාවයෙන් 45% වගේ මාගරීන් වලින් තෘප්තිමත් වෙන්න පුලුවන්. ඒ උනාට බටර් දාල ගන්න කොලිටිය මාගරීන් වලින් ගන්න පුලුවන්ද? මාගරීන් වල පෙනුම බටර් වගේමයි. පාට බටර් වගේමයි. හැබැයි රස, ගුණය? (හිතල බලලන්න දෙයක් දුන්නේ. පොඩ්ඩක් ආදේශ කරල බලන්න. තප්පුලන්න කලින්.)
හරි ආයෙත් හරි පාරට එමු. OPPO.... කට්ටිය ෆෝන් එක ගැන කියන කතා. ගෙවන ගානට පට්ට කැම් එකක් තියෙන ෆෝන් එක. පට්ට ස්පීඩ්. මේ කියන්න යන්නෙ මගේ පෞද්ගලික අත්දැකීම් වලින්. මම ඔය කියන අප්පෝ එකත් එක්ක (f1s) iPhone 5S කැම් එක කම්පෙයාර් කරල බැලුව. ලකුණු දුන්න දේවල් මෙන්න.
Exposure level – OPPO එකේ දවල්ට ලොකු එලියක් තියෙන තැනදි ගන්න ෆොටෝ එකක ෆෝකස් වෙන ඔබ්ජෙක්ට් එකට වටේ තියෙන බෑක්ග්‍රවුන්ඩ් එකේ එලිය වැඩී. හුගක් වෙලාවට ඉර එලිය වැඩී නම් වටෙ තියෙන ඒවගේ රිෆ්ලෙක්ශන් එක වැඩී. ෆොටෝ එකේ ගන්න තියෙන ඩීටේල්ස් ගන්න බෑ වෙලාවට. ඒත් iPhone 5S..... ඔය දුර්වලතාවය නෑ . ෆොටෝ ප්‍රොසෙසින්ග් එන්ජින් එකෙන්, සෙන්සර්ස් වලින් ලස්සනට ෆොටෝ එක ප්‍රොසෙස් කරල කලර් බැලන්ස් කරල අපිට සුපිරි අවුට්පුට් එකක් දෙනව. ඊට පස්සේ ලෝ ලයිට් ෆොටෝස්........ OPPO එක අප්පෝ වෙන්නේ එතනදි. එලිය වැඩි තැනදි එලිය වැඩි කරල දෙනව වගේමයි එලිය අඩු තැනදි ගන්න ෆොටෝ එකේ එලියත් අඩුයි. ඒ වගේමයි ෆොටෝ එකේ නොයිස් එක. iPhone 5S එතනදිත් දිනුම්. ලස්සනට ඉමේජ් එක ප්‍රොසෙස් කරල දෙනවා. කලර් එකේ අඩුවක් හෝ නොයිස් වෙන එකක් දකින්න නෑ. (රෑ ගහන ඒව ගත්තේ ෆ්ලෑශරේ නැතුව. කම්පැරිසන් කරන්න ඕන නිසා.) ඉතිං අර ගෙවන ගානට පට්ට කැම් එක නම් අප්පෝම තමයි. (Samsung S7 vs. One Plus 3/3T ගැන කියන අයටත් ඉතිං මේකම තමයි කියන්න තියෙන්නේ. ඒ උනාට One Plus 3/3T වලට මම කිසි නරකක් කියන්නේ නෑ.)
දැන් මම ඉතිං අනින්න එන්නේ ඔය මහලොකුවට කියන කලර් ඕඇස් එකට. කලර් ඕඑස් එකෙ අප්ඩේට් එනව කියල එන්නේ මොනවද? කලර් ඕඑස් එකට අප්ඩේට් එකක එනවා මිසක මේජර් ඕඑස් අප්ඩේට් එකක් එනවද? (දන්නෙ නැති උංට දැන ගන්න කියන්නේ. මේජර් අප්ඩේට් යනු ඕඑස් වර්ශන් අප්ඩේට් එකකි. ඒක මොකද්ද කියල අහනව නම් මේ පොස්ට් එක මෙතනින් එහාට කියවන්නවත්, කමෙන්ට් කරන්නවත් යන්න එපා, මොකද අං දෙක පෙනේවි ලෝකෙට) කලර් ඕඑස් යනු ඇන්ඩ්‍රොයිඩ් ලූක් එකට අයිෆෝන් ලුක් එකක් හැමැන්නීමට දාපු ස්කින් එකක් විතරයි. නැතුව සෝඑස් කක් නෙවෙයි. අප්ඩේ එනවා කියමින් අප්ඩේට් එන්නේ ඔය හත්තිලව් ස්කින් එකට මිස ඕඑස් එකකට නෙවෙයි. ඕඑස් අප්ඩේට් එකක් අහලකවත් එනවුන්ස් කර නැත. ඒත් කට්ටියගේ කතාව ගෙවන් ගානට පට්ටය. බත් කන හරක්ට නම් කීවාට් කම් නැත. ඒත් මේජර් ඕඑස් අප්ඩේට් එන අනිත්වා අප්පෝ ෆෑන්ස්ලාට අනුව ගෙවන ගානට පාඩුය. ඒ ෆෝන්ස් අප්පෝ ඉස්සරහ කුජීතය. (හිනා වෙන්නේ කොහොමද කියල තේරෙන්නේ නෑ, අප්පෝ තමයි බෙස්ට් කියන්නේ. ලබ්බ තමයි)
දැන් හැරෙමු කවුරුත් කියන බිල්ඩ් කොලිටියට. බිල්ඩ් කොලිටිය පට්ටය. මෙටල් ලුක් ඇන්ඩ් මෙටල් ෆීලිං එකක් ඇත (අප්පෝ ෆෑන් බේස් එකේ ටෝක්ස්ය). පිට පොත්තෙන් කොලිටිය මනින්නේ නම් මේකප් දාල පට්ට තරුණ කෑල්ලක් උන අමු චා නාකි අම්මණ්ඩියෙක්ට උනත් ලව් කරල බඳින්න ඔය බිල්ඩ් කොලිටිය ගැන කියවන පොල් හරක්ට පුලුවන් විය යුතුය. උන්ගේ තර්කයට අනුව පාට කරපු පොත්ත පට්ට නිසා නාකි ගෑණිද පට්ටය, තරුණය. හෙන සෙක්සිය. සා මාරයිනේ. කවරය කෙසේ වුවත් මදේ චොරනම් මොක උනත් චොරය. හොඳම උදාහරණය සැම්සුන් නෝට් 7. (සැම්සුන් ෆෑන් බේස් එක කුලප්පුවෙනව ඇහෙනව. ඒක නිසා ඒ ගැන වැඩිය කියන්නේ නෑ. කට්ටියම මතක් කර ගන්න) තවත් බිල්ඩ් කොලිටිය ගැන කියන්නේ නැත. කීමෙන් පලක් නැත. සාරංශය බිල්ඩ් කොලිටිය ඕවරෝල් අමුම අමු චොරය.
අහ් දැන් එන්නේ ෆෝන් එකත් එක්ක ඇක්සසරීස් ගොඩක් හම්බෙනව කියල උඩ පනින උං දිහාට. සාමන්යෙන් මොනවා හරි දෙයක් එක්ක තව දේවල් දෙනවා නම් අර මුලින් කියපු එකේ මොනව හරි අවුලක් තියෙනව. හොඳම උදාහරණය ගන්නම්, අර මංගල කිංකිණි එකේ ඇඩ්ස් යන්නේ, සුලු වරදකින් දරුවෙක් සිටින, සියලුම දේපල වලට හිමිකම් කියන වගේ දේවල් දාල බ්ලා බ්ලාස් තියෙන ඒව..... අන්න ඒ වගේ තමයි මේවත්. ලාබ බඩුවේ හිලක් ඇත. ඒ හිල වහන්න් තමයි ඔය ගිෆ්ට් පැක් එකක් කියල එකක් දෙන්නේ. ලස්සනට් මාකටිං කරනව නිකං දෙනව කියල. නිකං දෙන්න අහවල් එකේ අමාරුවක් නෑ. ඒකෙ ගානත් අර අප්පෝ එකට ඉන්ක්ලූඩ්.
දැන් එමු ඔය කියන ගෙවන ගාන දිහාට. අප්පෝ F1 Plus Dual එක ideabeam එකේ විදිහට අඩුම 60,300කි. පට්ට පාඩුය. අඩුම ගෙවන ගානට පට්ට නම් 4K රෙකෝඩින්ග්වත් වත් තියෙන්න ඕනෙ. ඇත්තේ 1080 පමණි. ඒත් පට්ට කියල කියන්නේ ගෙවන ගානට. GYRO, Barometer, Heart rate, SpO2 වගේ සෙන්සර්ස්වත් තියෙන්න ඕනේ. මොකද ඔයගන්නට සුපිරි බ්‍රෑන්ඩඩ් ෆෝන් එකක් ගන්න් පුලුවන් ඔය සේරම ෆීචර්ස් තියෙන. ඩිස්ප්ලේ එක ගැන කතා කරනව. Pixel density එක 401කි. 428 එකක් ගන්න පුලුවන් ඔය ගානට. කැමරාව 13MPය. ඒත් 60,300කි. සෙන්සර් සයිස් එකක් කියලාවත් නැත. දන්නව නම් හොයල කියපන්. හෙව්වට හම්බුනේ නෑ. දැන ගන්න ආසයි. 23MP කැම් එකක් තියෙන සෙකන්ඩ් මාර්කට් තියෙන හයි එන්ඩ් ෆ්ලෑග්ශිප් එකක් ඔයිට වඩා අඩුවට ගන්න පුලුවන්. ඒත් තාම කට්ටියට ගෙවන ගානට පට්ටය. ඉතිං රටක් තියා මිනිහෙක් විදිහටවත් ඉස්සරහට අඩියක් තියන්නේ කොහොමද කියහං මට.
අන්තිමට මට කියන්න තියෙන්නේ OPPO F1 Plus එක වටින්නේ උපරිම රුපියල් 38,000ක් විතරයි. ඔය ෆීචර්ස් තියෙන හයි එන්ඩ්, බ්‍රෑන්ඩඩ් සෙකන්ඩ් මාකට් එකට විලි ලජ්ජාවක් නැතුව දාන්න පුලුවන්, ඕකට වඩා ෆීචර්ස් තියෙන කැමරා කොලිටිය අතින් ගත්තම වාව් කියවෙන කොලිටියක් තියෙන, ස්පීඩ් එකක් තියෙන, බිල්ඩ් කොලිටියක් තියෙන ෆ්ලෑග්ශිප් ෆෝන් එකක් ගන්න පුලුවන් 60කට විතර.
ඉතිං අප්පෝ චොරයි. චොරේ චොරයි.)