Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

ආඩුඊනෝ පාඩම් මාලාව - 1 (හැදින්වීම)

$
0
0

සමහරු මේ වචනෙවත් අහලා නැතිව ඇති. එහෙම අයටත් එක්ක මුල ඉදලා මම අද ඉදන් ආඩුයිනෝ ටියුට් ඔයාලට දෙන්න හිතුවා එහෙනම් අද මුලින්ම ඔයාලට කියන්නෙ මේ ආඩුයිනෝ කියන්නෙ මොකක්ද කියලා.
ආඩුයිනෝ කියන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්වේජ් එකක් ඒවගේම එක එක සර්කිට් පරිගනකය ආදාරයෙන් හදාගන්න පොඩි සොෆ්ට්වෙයර් එකක් ඒවගේම පොඩි හාඩ්වෙයාර් කොටසකුත් මේකෙ තියෙනවා. ඔන්න ඒක නිසා තමයි ආඩුයිනෝ විශේෂ වෙන්නේ. ඉස්සෙල්ලම ඔයාල ආඩුයිනෝ බෝර්ඩ් එකක් මිලට ගන්න ඕනෙ.
ඔයා ආඩුයිනෝ වලට අලුත් කෙනෙක්නම් මම ඔයාට නිර්දේෂ කරනවා ආඩුයිනෝ ජෙනුයිනෝ ඌනෝ ( Arduino Genuino Uno ) කියන බෝඩ් එක. ආඩුයිනෝ බෝඩ් වර්ග බොහෝමයක් තියෙනවා. ආධුනිකයන්ට නම් හොද මේ කියන Uno බෝඩ් එක.
මේ Uno බෝර්ඩ් එකක් ලංකාවෙ මුදලින් (ඔයා ලංකාවෙන් මිලදී ගන්නවනම්) රු. 950/= විතර තමා වෙන්නෙ. මේක ඊට වඩා බොහොම අඩු මුදලකට ගන්න පුලුවන් Ebay, Amazan වගේ සයිට් එකකින් ඔයා ඇණවුම් කලොත්. එතකොට නම් ඔයාට ඇමරිකානු ඩොලර් 4.00 වගේ ගානකට මේ බෝර්ඩ් එක ගන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඔයාලගෙ ගෙවල් පැත්තෙ තියෙන ඉලෙක්ට්‍රොනික් කඩේකින් හෙව්වත් මේවගේ බෝර්ඩ් එකක් ගන්න බැරිවෙන එකක් නෑ.
ඔයා දැන් මේ බෝර්ඩ් එක මිලදී ගත්තට පස්සෙ ඔයාට අවශ්‍ය වෙනවා,

පරිඝනකයක් (වැඩ කරන එකක් වෙන්න ඕනෙ. නැත්නම් ඉතිම් බෑනෙ. :D)
පොඩි සොෆ්ට්වෙයාර් එකක් (මේක ආඩුයිනෝ නිල වෙබ් අඩවියෙන් නොමිලේ බාගන්න ගන්න පුලුවන්)
ඒ වගේම වෙන වෙන සර්කිට් වලට අවශ්‍ය පොඩි හාඩ්වෙයර් කෑලි ටිකක්

ඉස්සෙල්ලම ඔයා මෙතනින් (84mb) ගිහින් ආඩුයිනෝ සොෆ්ට්වෙයාර් එක බාගන්නකෝ. ඊට පස්සෙ ඒක ඉන්ස්ට්‍රෝල් කරගන්න. මං මේකෙන් සර්කිට් එකක් හදන එක ඊලග ටියුට් එකෙන් කියලා දෙන්නම්. දැන් අපි ඉගෙන ගමු ආඩුයිනෝ බෝර්ඩ් ගැන සහ බෝර්ඩ් එකේ විවිධ Pins ගැන,
මෙන්න මේ තියෙන්නෙ (Arduino Genuino Uno) බෝඩ් එකක් මේකෙ විවිධ Pins තියෙනවා. ඒ ගැන මේ පහල තියෙන පින්තූරෙන් බලාගන්න පුලුවන්.

මෙන්න විවිධ ආඩුයිනෝ බෝර්ඩ්ස් වර්ග


මේක Arduino Genuino Uno බෝර්ඩ් එකක්


මේක Arduino Mega බෝර්ඩ් එකක්


මේක Arduino Pro බෝර්ඩ් එකක්


මේක Arduino Pro Mini බෝර්ඩ් එකක්


මේක Arduino Leonardo බෝර්ඩ් එකක්


මේක Arduino Due බෝර්ඩ් එකක්


මේක Arduino Yun බෝර්ඩ් එකක්

මෙහි දෙවන කොටස හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරමි.


Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>