Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

ඔයා‍ගෙ සිංදුවත් share කරන්න

$
0
0

ශ්‍රීලාංකික සංගීත ශේත්‍රයට නව්‍ය අත්දැකීමක් එක් කිරීමට ආරම්භ කල Hikka Music වෙබ් අඩවිය මගින් ශ්‍රීලාංකීය කළාකරුවන් හට තම නිර්මාණයන් රසිකයන් අතරට පහසුවෙන් ලබා දීමට සහ සංගීත ලෝලීන් හට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සංගීතය රස විදීමට ඉඩ සලසා ඇත. මෙය හුදෙක් එක් සංගීතමය වෙබ් අඩවියක් නොව, රසිකයින් හට ගුණාත්මක, රසවත් සහ හරවත් ගීතමය රසාස්වාදයක් ලබාදීමේ හා කළාකරුවන් හට තම නිර්මාණයන් එළිදැක්වීමට ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් වේදිකාවක් ලබාදීමේ අරමුණින් මෙන්ම ශ්‍රී ලංකාවේ දැනට පවතින digital music කර්මාන්තයට ප්‍රමිතියක් එක් කර කළාකරුවන්ට තම නිර්මාණයන් හී වටිනාකම තහවුරු කර දීමේ අරමුණින් නිර්මාණය කල වෙබ් අඩවියකි. ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් වෙත පහසුවෙන් මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමට සිංහල, ඉංග්‍රීසි සහ දමිල භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත වේ.දැනට සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් දෙක පමණක් ලබා දී ඇත. නුදුරු දිනයේදී දමිළ භාෂාවද එක් කිරීමට මෙහි නිර්මාණකරුවන් සැලසුම් කරයි.

කළාකරුවන් සදහා hikka music හි විශේෂාංග
ඕනෑම අයෙකුට ගීත upload කිරීමේ පහසුකම මෙහි පවතින සුවිශේෂි විශේශාංගයකි. ලාංකීය කළාකරුවන්ටද මෙහි තම නිර්මාණ ඉතා පහසුවෙන් රසිකයින් සමග බෙදා ගැනීමට පහසුකම සලසා ඇත. මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් upload කිරීමේ පහසුකම ලබා ගත හැක. ඉන්පසු වෙබ් අඩවියේ පවතින ප්‍රමිතීන්ට අනුකූලව තම නිර්මාණ upload කර යුතුය. රසිකයන් හට ගුණාතත්මක සහ ප්‍රමිතියෙන් යුතු ගීතයන් ලබා දීමට මෙම upload කරනු ලබන සියළු ගීතයන් මෙහි පාලකයින් විසින් නිරීක්ශණය කරනු ලබයි. එම නිසා නියමිත ප්‍රමිතීන්ට අනුව තම නිර්මාණයන් මෙම වෙබ් අඩවියට එක් කිරීමට වගබලා ගත යුතුය. නිර්මාණයන් එක් කිරීමෙන් පසුව තම මිතුරන් සමග බෙදා ගැනීමට, වෙනත් වෙබ් අඩවි තුල අඩංගු කිරීමට පහසුකම්ද ලබා දී තිබේ. තවද එක් සුවිශේෂී විශේශාංගයක් වන්නේ, අනාගතයේ දී මෙම වෙබ් අඩවියෙන් ලබන ආදායමෙන් කොටසක් කළාකරුවන් සමග බෙදා ගැනීමේ සැළසුමක් ද මෙහි නිර්මාණකරුවන් ලබා දීමට සැරසේ.

රසිකයින් සදහා මෙහි ඇති විශේෂාංග
ශ්‍රී ලංකාවේ ප්‍රථම ගීත බෙදාගැනීමේ වෙබ් අඩවිය වන Hikka Music හි රසිකයින් සදහා ද සුවිශේෂී විශේෂාංග රැසක් ලබා දී තිබේ. ගීත රසවිදීමේ ගුණාත්මකතාවය ඉහළ නැංවීම සදහා ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් ගීත ලබා දීමටද, කළාකරුවන්ගේ අවසරය ලබා දී ඇති ගීතයන් බාගත කර ගැනීමටද, තමන් කැමති ගීතයන් පසුව රසවිදීමට ගීත ලැයිස්තු ගත කර තබා ගැනීමේ පහසුකම්ද මෙහි රසිකයින් සදහා ලබා දී තිබේ. තවද මිතුරන් සමග පණිවිඩ හුවමාරු කරගැනීමටද අවස්ථාව සලසා දී ඇත.

මෙවැනි විශේෂාංග රැසක් දැනටමත් ලබා දී ඇති මෙම වෙබ් අඩවිය නුදුරේදීම android සහ IOS උපාංගයන්ට හා තවත් විශේෂාංග රාශියක් සමග වැඩි දියුණු කිරීමට මෙහි නිර්මාණකරුවන් සැලසුම් සකස් කර ඇත.

web - http://hikkamusic.com


Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>