Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

මයික්‍රෝ බිට් මුල සිට

$
0
0

මයික්‍රෝ බිට් කියන්නේ ආර්ඩුයිනෝ වගේ ඉලෙක්ට්‍රොනික් කොන්ට්‍රොලර් මොඩියුල් එකක්. වැඩි විස්තර මෙතනින්(සිංහලෙන්).
මේක ගත්තම අය අමුතුවෙන් සෙන්සර් ගන්න ඕන නෑ. මේකේ තියනවා උෂ්ණත්වමානයක්, බ්ලුටුත්, ලයිට් සෙන්සර් එකක්, ඇක්සේලරෝමීටරයක් සහ තවත් දේවල්. මේක එක්ක 1GB මෙමරියක් එනවා. ලංකාවේ මුදලින් 3000 - 4000 අතර ගානකට මේක ගන්න පුළුවන්.

මේකේ විශේෂම දේ තමයි චූටි එල්.ඊ.ඩී. බල්බ් 25ක් එනවා. එක ඩිස්ප්ලේ එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.

මේක ප්‍රෝග්‍රෑම් කරන්න කිසිම ප්‍රෝග්‍රෑම්න් හරි කොඩින්ග් හරි දැනුමක් ඕන නෑ. අපි පොඩි කාලේ බිල්ඩින් බ්ලොක්ස් වලින් සෙල්ලම් කරපු දැනුම හොදටම ඇති. ඒ මෙන්න මේ ටූල් එක නිසා. ගිහින් මෙතනින් ට්‍රයි කරලා බලන්න. මේකට මයික්‍රෝ බිට් එකක් ඕන නෑ. ඔයාලට බලන්න පුළුවන් කොහොමද මේක වැඩ කරන්නේ කියලා.

ඉස්සරහට තවත් විස්තර එක්ක හම්බ වෙමු. එතකම් ජයවේවා!


Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles