Quantcast
Channel: සාකච්ඡාවන් - Geek.lk
Viewing all articles
Browse latest Browse all 2038

Shutter Island movie එක තේරුනේ නැද්ද? මෙන්න තේරුම...

$
0
0

මේ කතාව බලපු ගොඩක් අයටත්(මාත් එක්ක) නිකං අන්තිමට පිස්සු හැදෙනව වගේ. කාටත් බලන්න නිර්දේශ කරන්න පුලුවන් සුපිරි කතාවක්. මේකෙ කතාව ගත්තත්, නලුවන්ගේ රඟ පෑම ගත්තත්, පරිසරය ගත්තත්, හැම දේම වගේ අංග සම්පූර්ණයි. කතාව ගැන ගොඩක් අය ප්‍රශ්න අහල තියන හින්දා පොඩි afterview එකක්....
ඇත්තටම ටෙඩී(Leonardo DiCaprio) ට මුල ඉඳලම පිස්සුද?
ඔවු. මේකෙ ටෙඩී කියන්නෙ ඇත්තටම ඇන්ඩෲ ලේඩිස් තමයි. මේකෙ ටෙඩීට දීල තියන investigation එක දොස්තරල ටෙඩීගෙ ලෙඩේ හොඳ වෙන්න උදවු වෙන්න කරපු වැඩක්. මේකෙ ඉන්න ප්‍රධාන දොස්තරලට තේරෙනව ලේඩිස් වගේ අය බෙහෙත් වලින් හොඳ කරනවට වඩා, චිකිත්සාවෙනුයි දයාවෙනුයි වඩා හොඳින් හොඳ කරන්න පුලුවන් කියලා(චිත්‍රපටියේ මුල් හරියෙ දොස්තරගෙ දෙබසක ඒ ගැන කියනවා.)
ඇත්තටම ලේඩිස්ගේ බිරිඳට මානසික අමාරුවක් තිබිල තියෙනවා. ඒකයි එයාගෙම ලමයි එයා ගිල්ලල මැරුවේ. ඒකෙ පලිගැනීමට තමයි ලේඩිස් එයාගෙ බිරිඳව(ඩොලරොස්) මැරුවේ. ලේඩිස්ගෙ අධික බීමත්කමයි, ලෝක යුද්දයේ ඇතිඋන බිහිසුන අත්දැකීම් නිසා ලේඩිස්ට එයාගෙ බිරිඳගේ තියන මානසික අමාරුව තේරුම් ගන්න බැරි වෙනවා. ඒක නිසාමයි එයාට පිස්සු හැදෙන්නේ.
මේ කතාවේ ගින්දරයි වතුරයි ලොකු තැනක් ගන්නවා...
හොඳට බැලුවොත් පෙනෙයි ගින්දරත් එක්ක එයාට පේන්නෙ මායවක් කියල. ගින්දරින් පෙන්නන්නෙ එයා මවා ගත්ත ලෝකෙ. වතුරෙන් පෙන්නන්නෙ එයාට ඇත්තටම උන දේ.
ඉතින් මේ කාරණා ටික ඔය ගොල්ලො බලපු film එකට ගලප ගත්තම කතාව තේරෙයි.


Viewing all articles
Browse latest Browse all 2038

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>